Monday 20 March 2017

අතීතය සිහිපත්ව...1997 නොවැම්බර් 13 වෙනුවෙනි.


දකුණු ලක රෝහනයෙ පුරවර ජනිත බූමිය උරුම කෙරුනා
වමට බරවුනු පියෙකු සමගින් ළමාවිය සෙනෙහසින් ගෙවුනා
සිප් සතර දැන උගත්කම දෙක රිදී රේඛා විලස දිලුනා
සෝවියට් රතු දේශයේ ඉගෙනුමට වරමක් ඔබට ලැබුනා

සමාජයෙ පරතරය ඇති නැති රට පුරා දොම්නසකි තිබුනේ
වෙදකමක් ඉගෙනුමට ගිය ඔබ දේශපාලන මගට හැරුනේ
චීන රුසියන් බේදයක් දැක පැය අටක් එහි කතා කෙරුනේ
නිවාඩුව අවසන්ව රුසියන් රටට යන්නට නොමැත ලැබුනේ

"ශන්ගෙ" කෝපයට බැඳි මවු දේශයට සේවය කරනු සිතුවා
සියලු දනහට එකසෙ සලකන රටක් බිහිවන පැතුම පැතුවා
තරුණ සංගම් තුලට ගොනුවන තරුණ සිත් ජීවයක එතුවා
මිනිස්කම අගයනා සගයන් දම්වැලක්සේ එකට ගෙතුවා

නීතියයි සධාරණය යුක්තියයි ගරුකොට තිබිය යුත්තේ
නමුත් මේවා ගිලිහිලා යන අයුරු කිසිවෙකු නැහැනෙ දැක්කේ
හැටදෙකේ කුකුසක් වුනා මොළකාරයින්ගේ ඇතුලු චිත්තේ
එදා "දොස්තර තිස්ස" විලසින් සිටියෙ ඔබ නිවැරදිවු පැත්තේ


නොයෙක්විද හැල හැපුම් සමගින් මත ගැටුම් පෙරමුනට වූවා
හිඩැස්සක් මවුබිමට ඇතිබව අදහසක් හදවතට ආවා
සත්දෙනෙක් සොහොයුරන් එක්කර හරබරව නෙක කරුනු කීවා
විපලවී දේස්පාලනේ මහ පලමු පියවර පෙරට දෑවා


අනන්ත්වු පීඩා විඳින පොදු දනන් ගැන සිත කීරි ගැහුනා
ගොවි පුතෙකුසේ වෙස් වලාගෙන අනගි මෙහෙවර යසට කෙරුනා
"ජූල්ගමුවේ" සිටින බව ඔබ රාවයක් කට කතා ගෙතුනා
දුප්පතුන්ගේ නියමුවෙකුහට මාංචු දම්වැල් අතට වැටුනා


ජ. වි. පෙ නම් සංවිධානයකින් රටපුරා පත්‍රිකා ඇලවුනි
තරුණ හදවත් කෝපවී ගිණි පුලිඟු මෙන් හැමතැනම දැල්වුනි
නැවත "අම්පාරෙදි" යනෙන විට නීතියේ රැහැනකට හසුවුනි
මවුබිමද මරණයද අසමින් තරුණ මහ හෙන හඬක් පිපුරුනි


මවුබිමේ දේසපාලනය උඩු යටිකුරුව ගිය බවක් තිබුනේ
හැත්තැ එක මහ කැරැල්ලක් පැන නැගී දෙදරුණි මෙලක දෙරනේ
තරුණ ජීවිත දහස් ගනනක් පොලෝ ගැබ තුල නිදන් කෙරුනේ
අදත් මේ ගිණියම්ව යන පැන දෙසට කිසිවෙකු නැහැනෙ හැරුනේ


අ.යු.වි කොමිසම මගින් ඔබ දඟ ගෙයක් තුල සිර කරනු ලැබුවා
මහරැජිණගේ ආණ්ඩුව පෙරලුවයි නිතිය පෙරට දැමුවා
දුප්පතුන්ගේ නියමුවා වෙත ධනය ඇති අය රවා බැලුවා
හදවතක් ඇතියවුන් සිත් තුල ඔබේ පිලිරුව රනින් නෙලුවා


හැත්තෑ හත වෙනවස් වෙලා රට තවත් දෙසකට ගලා ආවේ
දමිටු යුගයක් කියා ඔබ දඟ ගෙයින් මිදිලා පෙරට ආවේ
අසූවේදී යුග දිවිය ගෙවමින් දියණියක මදහසක් පෑවේ
නමුදු "කලු ජූලියක්" ඇවිදින් දෛවයට සරදමක් පෑවේ


අසූඅට මහ විශාලාවක් වෙලා තැන තැන තිබුනි බලි බිලි
දෑඅස් කන් නාසා නොමැති ලක් ලක් දූ පුතුන් සිපගති පොලෝ වැලි
මරණයේ දේශයක් ඇතිවිය ගොරබිමේ වෙඩි හඬය ගිණි ගුලි
සැබෑ මිනිසෙකු සැබෑ මිතුරෙකු සැබෑ සොහොයුරෙකු නොදුටුවෙමු යලි


කෙසේ ඔබ දිවි හැර ගියාදැයි තවම සැකයකි අප නොදන්නා
අපේ හදවත් වලට ලංවී එදා ඔබ අප අතර උන්නා
සදා ආදරණීය සොහොයුර මිතුර හරිදේ හොඳට දන්නා
අතක් ඔසවා නැවත එනුමැන එදාමෙන් හසරැල්ල පෙන්නා


--ලිලානි අබේදීර ජයසේන--

1 comment:

  1. මේ තරම් ගුණමකුද මේ පුතු, හිතන්නටවත් බැරි නිසා..
    මම ගියාමෙවන් අයෙකු හට, උපත දුන් මිනිසා සොයා....
    මහල් නිවසක හුදෙකලාවක ,
    බිරිද සමගින් තනිවෙලා....
    උපේක්ෂාවෙන් බලාසිටියා, මාවතේ කෙළවර දිහා ...
    අබැටකවත් ලතෙන් බව නැති , පුතෙකු ඇතිදැඩි කල නිසා..
    මුකුත් නොකියා හිනැහුණා ඔහු ,
    මේ අපේ දෛවය කියා........

    2017/ 04/14
    නිමිත්ත - විවාහ වී නව වැනි අවුරුද්දටත් දෙමාපියන් අමතක කර දැමු පුතෙකුගේ භූමිකාවක්....

    ReplyDelete