Monday 20 March 2017

බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා සඟ රජ හිමිපානෝ දිවි කුසුම මිලින කර වදාල වගයි....

වර්ෂ එක්වා දහස් අටසිය අනූහය අගෝස්තු අටවෙනිදාක ලක්මැණියන් වෙත ජනිත කල අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා සඟ රජ හිමිපානෝ වර්ෂ එක්වා දහස් නවසිය අනූ අටක් වූ ජූලි මස දහ අට වැනි දින සිය පින්බර දිවි කුසුම මිලින කර වදාල වගයි....

සරා සසරේ නිරා දුක දැන ඉපිද ලක්මවු කුසෙහි පින්කඳ
දරා කහ චීවරය කස්සප කුමරු සේ පාරමී පිරුවද
පෙරා මහ දම් ගඟුලෙ මිණි කැට තැබූ හිමි මෙත් අනඳ පුන්සඳ
පුරා පාරමි මෙතේ බුදුබව ලැබේවා බෝ තුරු සිසිල විඳ


--ලිලානි අබේදීර ජයසේන--

1998.07.17

No comments:

Post a Comment