Monday 20 March 2017

ගැමුණුලාට කියාපන්...

පෙරලූ නැවුම් පස
අලුත් පුස්ඹක් බෙදයි
පැසුනු බඩ ඉරිඟු යායේ
සරුවූ අස්වනු නෙලූ
සැබෑ මිනිසුනි,

නුඹලාගේ දහඩිය කඳුලු
ගොඩ නැගූ නව ලොවේ
නව ඉරක් උදාවී
ලහිරු රැස් වැටෙන විට

කොමියුණය හැදූ වැඩූ
මකාර්, දවීදව්,....
නුඹලගේ ජීවිතය
පුදා අවසන් නොවෙද

එසේමැයි අනුරපුර
පොලොන්නරු ගොවි රජුන්
මරණයේ විලාපෙන්
ලය කුහර පැලෙද්දී
සසිරිබර මෙසිරිලක
කේතුමතියේ රජ පැටවු
නටති කා බී ප්‍රීතියෙන්

මකාර්, දව්දව්....
අපේ පැරකුම් ගැමුණුලා
හමුවෙලා කියාපන්
මෙපින්බිම මුදාගන්නට
යලිත් මෙහි ඇවිත් යන්නැයි..

--ලිලානි අබේදීර ජයසේන--

No comments:

Post a Comment