කවුලුවට හිස තියා
හිමි අහිමි දැහැනකට
සමවදින්න හිතයි මට
වක ගැසී නැමී දිවෙන
මහා යකඩ කඳ
ගුඩු ගුඩුස් හඳ නගයි
මතක පොත පෙරලි පෙරලී
ඇඳෙයි යස සිත්තමක්
අයිලයේ මායිමට
ටිකක් ඈතින් පෙනේ
කිසිඳු වෙනසක්
නොවූ අයුරින්
වැඩුණු පොප්ලර් ගස් දෙකක්
ආදරණීය දුයිෂෙන්.....
දුම්රියේ හඬ ගොලුව
නැගේ හද දොඩමලුව
අයිලයට යමු නැවත
දුයිෂෙන් නම් වූ ඔබ
අල්තීනායි නම් වූ
මා සමග
පුංචි පොල් අතු පාසලේ
මම ඔබේ සිසුවියයි
තවමත්
සදාදරණීය ගුරුවරයාණනි.
මම ඔබේ සිසුවියයි
තවමත්
සදාදරණීය ගුරුවරයාණනි.
--ලිලානි අබේදීර ජයසේන--
No comments:
Post a Comment