Monday 20 March 2017

හෝඩිපොතේ මුල් අකුරු කරන කොට..

හැටේ දශකයේ පාරම්පරික ගමක් වූ මගේ උපන් ගමදී මාද ලදැරියක් වීමි. එදා ගම තුල මා දුටු සුන්දරත්වය අද නොමැති කල කිනම් යතාර්තයක් වේදැයි මා සිත තුල ඉපැදුන කම්පාව විසින් එ අතීතය විසින් නිර්මාණය කරනු ලැබූ මේ සත්ය සිදුවීම මතකයට නැගී මෙලෙස පද බඳිමි.

මෙය මා විසින් පබැඳුනු ලැබුවේ 1997.06.20 දිනයි.


හෝඩිපොතේ මුල් අකුරු කරන කොට
පැංචියෙ නුඹ ඒ සන්දියේ
වහු පැටවුන් ටික බලාගත්තෙ මා
දොඹගහ යට ඇල කණ්ඩියේ

සිනිඳු දෑත් පොඩි වලින් මගේ
ඇස් වසා හිනා වුන නංගියේ
හිරුට මුවාවී කිරල කඩාගෙන
ඇවිද්ද හැටි ගං මංඩියේ

පංචි දමාලා ටක්ක ගසාලා
පැරදී හඬමින් පුංචියේ
සිංහල අවුරුදු ඔන්චිල්ලාවෙදි
පොරොන්දු දුන් කිරි බංඩියේ

එදයි අදයි කාලය ආපස්සට
කැරකේ නම් මේ වංගියේ
සුවපත්වනු ඇත්තයි මගෙ සිත
නොතැලුනු කුසුමක් සේ මේ ගංදියේ

--ලිලානි අබේදීර ජයසේන--

No comments:

Post a Comment