Monday 20 March 2017

තිසාහාමි මුත්තණුවනි ඔබහට ආයුබෝවන්...

සිසාරා වනපෙතට ඉහලින් පෑයු පුන්සඳ වාසනාවන්
වසා ජීවන ඉදි කඩොලු දොර සැතපුනිද වන සිහරදානන්
දිසාලා දීහත්ත කුවේණී පරපුරේ මී මුණුබුරාණන්
තිසාහාමී මුත්තණුවනී ඉතින් ඔබහට ආයුබෝවන්

මහවන බුටෑවක ඉපිද ඒ සමග ජීවත් වෙමින් සතා සීපාවුන් වෙත සතුරු මිතුරු දම් වැඩූ සොබාදහමට මහත්සේ ඇලුම්පෑ මහා වනස්පතිදාණනි, දඹානේ ඔබේ වර්ගයාගේ නොකිලිටි වූ අවසන් මහා පුරුෂයාණන් වූයේ ඔබමය.


--ලිලානි අබේදීර ජයසේන--

No comments:

Post a Comment